රනිල් ජෙයවර්ධන ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු කණ්ඩායම විග්නේෂ්වරන්ව හමුවීම ප්‍රතික්‍ෂේප කරයි..

අද (6) දින යාපනයේ සංචාරයක නිරතවූ බ්‍රිතාන්‍ය සර්ව පාක්‍ෂික පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවීමට ප්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තාවේ.

මෑතකදී උතුරු පළාත් මහ ඇමැතිවරයා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ව හමුවීම පෙන්වාදී ඇති බ්‍රතාන්‍ය මන්ත්‍රීවරුන් කණ්ඩායම දැනට මහ ඇමැතිවරයා හමුවීමට අවශ්‍යතාවයක් නැති බව පවසා ඇතැයි වාර්තාවේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන රනිල් ජෙයවර්ධන, මෛක්කෙලි ඩොලිනි, ක්‍රිස් ක්‍රීන්, කෙල්ලි ඩොල්කේට්ස්, සහ ඩාන් කාර්ඩන් යන කණ්ඩායම උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ යාපනය දිස්ත්‍රික්ක ආරක්‍ෂක ආඥාපති මේජර් ජනරල් දර්ශන හෙට්ටියාරච්චි යන මහත්වරුන්ව අද පෙරවරුවේ හමුවී සාකච්ඡා කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top