යාපනය කෝණ්ඩාවිල් ප්‍රදේශයෙන් කඩු ප්‍රහාර සිද්ධියක් වාර්තාවෙයි..

img_2321යාපනය කෝණ්ඩාවිල් ප්‍රදේශයෙදී සඳුදා දින රාත්‍රී දියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් වාර්තාවේ. පලාලි මාර්ගයේ කෝණ්ඩාවිල් හංදිය අසල පිහිටි වෙළඳසැලකට ඇතුල්වූ ආයුධ සන්නද්ධ පිරිස වෙළඳසැලේ හිමිකරුට කඩුවලින් පහරදී තිබේ. එම අවස්ථාවේ වෙළඳසැලේ හිමිකරු පුටුවකින් එම පහරදීම වලක්වා ගැනීමෙන් තුවාල නොවී දිවි බේරාගෙන තිබේ.

කෙසේ නමුත් පහරදීම සිදුකළ පිරිස එම ස්ථානයෙන් පලා යන අවස්ථාවේ වෙළඳසැලේ භාණ්ඩවලට අලාභ හානි සිදුකර ගොස් තිබේ. මුහුණ ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු විසින් මෙලෙස පහරදුන් බවට වෙළඳසැලේ හිමිකරු පවසයි.

img_2327 img_2334 img_2341
– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top