ප්‍රබාකරන්ගේ ඡායාරූපය සමග ෆේස්බුක්හි නව වසර සුබ පැතුම් – දෙදෙනෙකු අත්අඩංගුවට

කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ ඡායාරූප සහ කොටි සංවිධානයේ ලාංඡනය සහිතව 2018 නව වසර සඳහා ෆේස්බුක් මඟින් සුබ පැතුම් පළ කළැයි කියන දෙදෙනෙකුව අපරාධ විමර්ශණ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2007 වසරේ අංක 66 සිවිල්, දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ නීතියට අනුව ඉකුත් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට පත්වූ සෙවන් ගනේෂ් කුමාර් සහ විජයකුමාර් විදූෂන් නැමැති තරුණයන් දෙදෙනා ඊයේ (8) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ලබන 17වනදා දක්වා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top