වැල්ලවාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ස්කාගාරයක් වටලයි

වැල්ලවාය ඇල්ල පාර තුනේ කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ ස්කාගාරයක් වැටලීමට පොලීසිය සමත්වී තිබේ. අධිසැර ස්ප්‍රීතුවලට වර්ණක යොදා මෙම මත්පැන් නිෂ්පාදනය කර ඇති බව පොලිසිය පවසයි.

එහිදී ව්‍යාජ මත්පැන් බෝතල් සියයකට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලවාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top