සුවිසර්ලන්ත අධිකරණය ඉදිරිපිට දෙමළ ජාතිකයන් විරෝධතාවක..

සුවිසර්ලන්ත අධිකරණයට එරෙහිව දෙමළ ජාතිකයන් විරෝධතාවක් පවත්වා තිබේ. කොටි සංවිධානයට මුදල් එක්රැස් කළැයි චෝදනා මත 13 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබීම හෙලාදක මෙලෙස විරෝධතාවක් පවත්වා තිබේ.

13 දෙනෙකු කොටි සංවිධානය වෙනුවෙන් සුවිස් ප්‍රාන්ග් මිලියන 15ක් එක්රැස් කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ. මූල්ය විශුද්ධිකරණය, මූල්‍ය වංචාව, ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

කෙසේ නමුත් මෙම 13 දෙනාට එරෙහිව අයුතු ලෙස නඩු පවරා ඇතැයි පවසා විරෝධතාකරුවන් සිය විරෝධය පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top