කරුණා අම්මාන්ගේ විදේස් ගමන් තහනම ඉවතට

කරුණා අම්මාන් හෙවත් හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන්ගේ විදෙස් ගමන් තහනම අධිකරණය විසින් ඉවත්කර තිබේ.

මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලබාදී තිබු රුපියල් කෝටි 9 කට අධික වටිනාකමකින් යුත් ලියාපදිංචි නොකළ වෙඩි නොවදින ජීප් රථයක් ආපසු භාරනොදී සාපරාධී සාවද්‍ය පරිහරණය කළෑයි කියන සිද්ධියකට අදාලව ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

සිද්ධියට අදාලව නිතිපති උපදෙස් මත නඩුව අවසන් වු බැවින් හිටපු නියෝජ්‍ය ඇමැති වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (9) නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top