ජනාධිපතිගේ ධූර කාලය ගැන සොයා බැලීමට විශේෂ විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිගේ ධූර කාලය ගැන සොයා බැලීම සඳහා විශේෂ විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. තමන්ට ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකි කාලය වසර 05ක්ද 06ක්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබුණි.

වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09වනදා ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන දුන් අතර, එකී දිව්රුමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 06 සිට වසර 05දක්වා අඩු කරණ ලදී.

කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම සිදුවූයේ 19 සංශෝධනයට පෙර බැවින් තමන්ට වසර 06ක්ම ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකිද නොඑසේනම් වසර 05කින් තම ධුර කාලය අවසන් වන්නේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ.

මේ සම්බන්‍ධයෙන් සොයා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ත් මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ඊවා වනිසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ.ටි. චිත්‍රසිරි හා සිසිර ද අබෘ යන මහත්වරු සෙසු විනිසුරුවන් ලෙස එම මඩුල්ලට ඇතුලත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top