ගණේමුල්ල ගුවන් පාලම ජනතා අයිතියට

ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරු දුම්රිය මාර්ගය මතින් ඉදිකරන ලද ගුවන් පාලම අද(11) පෙරවරුවේ අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් ගණේමුල්ල- කඩවත මාර්ගයේ සිට කඳාන මාර්ගය දක්වා මීටර් 275 දිගින් සහ මන්තීරු 2 කින් යුත් මෙම ගුවන් පාලමේ පළමු අදියර මෙසේ ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙහි දෙවන අදියර ගණේමුල්ල-ගම්පහ මාර්ගය දක්වා තැනවීමට නියමිතය.

මෙම පාලම ඉදිකිරීම සඳහා ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 1768 ක මුදලක් වැය කොට ඇති අතර මෙහි තැනීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ස්පාඤ්ඤ සහ මෙරට සමාගම් දෙකක් මගින් සිදුකොට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top