උතුරේ ජනතාවට ස්ථීර නිවාස 125ක්

යුද්දයෙන් පීඩාවට පත්ව නැවැත පදිංචියට පැමිණි උතුරේ ජනතාවට මේ වසරේ පළමු කාර්තුව තුල නිවාස 125ක් ඉදිකර දීමට තීරණය කර තිබේ. ජාතික නිවාස අධිකාරිය විසින් ඉදිකිරීමට නියමිත මෙම නිවාස සඳහා රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කර ඇති බවද පැවැසේ.

යාපනය, මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය සහ මුල්ලතිව් යන දිස්ත්‍රික්කවල එම ප්‍රදේශවල ප්‍රාදේශිය ලේකම්වරයා විසින් තෝරා ගන්නා නිවාස ලාභීන්ට මෙම නිවාස ව්‍යාපෘතිය මඟින් නිවාස ලබාදීමට තීරණය කර ඇති බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top