සිලාවතුර ප්රදේශයේ දී නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්රෑම් 356 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවේ වයඹ විධානයේ මැරීන් බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සිලාවතුර, කායක්කුලි ප්රදේශයේ සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ.
වෙනත් ප්රදේශයකට රැගෙන යාම සදහා ගංජා තොගය සූදානම් කර තිබූ බව ද පැවැසේ. මේ සම්බන්ධයෙන් සිලාවතුරයි පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.