ජනපති ධුර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි..

වත්මන් ජනාධිපතිතුමාගේ ධුර කාලය පිළිබඳ එතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසුම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ධුර කාලය වසර 05 ක් වන බව දැනුම් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත‍්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top