තමාව දණ ගැස්සවූ බව බදුල්ල විදුහල්පතිනිය පළිගනියි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ නිල නිවසට තමාව කැඳවා තමාව. දණ ගැස්සවූ බව බදුල්ල දෙමළ බාළිකා විදුහලේ විදුහල්පතිනිය ඊයේ (19දා) පිළිගත්තේය.

මේ බව මුලින්ම ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අණාවරණය කළේය. කෙසේ වෙතත් පසුව විදුහල්පතිනය මාධ්‍ය වෙත පැවැසුවේ තමාව එසේ දණ නොගැස්සවූ බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා ඉදිරියේ හඩා වැළෙපෙමින් විදුහල්පතිය තමාව දණ ගැස්සවූ බව පිළිගත්තාය.

තමා මුලින් ප්‍රකාශයක් කළේ උෟව අධ්‍යාපන ලේකම්වරියගේ හා ඌව ප්‍රධාන අමාත්‍යවරයාගේ බලපෑමට බවත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top