2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආරක්‍ෂක අංශ සඳහා තැපැල් ඡන්දය භාවිතා කිරිම අද (22) සිදු කෙරේ.
ඒ අනුව තැපැල් ජන්ද අයදුම් කළ සෑම පොලිස් නිලධාරියෙක්ම තම රාජකාරිවලට ද බාධාවක් නොවන සේ උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්දය භාවිතා කිරිමට අවස්ථාව ලබා දී තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම පොලිස්ථාන, මැතිවරණ කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පැවැත්වේ.