බැඳුම්කර හා බරපතළ වංචා කොමිසම් වාර්තා හෙට පාර්ලිමෙන්තුවට

මහ බැංකු බැදුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාව හෙට (23) දිනයේ පළමු වරට සභාගත කරන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පක්ෂ නායක රැස්වීම උදෑසන 09.30ට පමණ ආරම්භ විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top