අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා නැහැ – මුදල් අමාත්‍යංශය

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය පවසයි.

2018 ජනවාරි මස 18දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කර ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ පනත යටතේ වන ගැසට් නිවේදනය මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා ඇති බවට ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූ ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාල ගැසට් නිවේදනය මගින් සිදු කර ඇත්තේ උම්බලකඩ, වියලි මිරිස්, ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරිමේ කාලසීමාව තවදුරටත් දිර්ඝ කිරිම පමණක් බව එම අමාත්‍යංශය සඳහන් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය මගින් භාණ්ඩ බදු ඉහළ යාමක් සිදු නොවන අතර, ඉදිරි මාස 6ක කාලයක් සඳහා ද පවතින මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට එම භාණ්ඩ මිල දී ගත හැකි බව සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top