සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්..

සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර වෙළෙඳ කටයුතු සීග‍්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා තිබේ. නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවීමෙන් අනතුරුව මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

එහිදී සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද පැවැසේ.

දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මගින් වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත‍්‍ර තුළ දෙරටටම ප‍්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවත්, වෘත්තීය පුහුණුව, නව රැුකියා අවස්ථා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍ර සදහා සිංගප්පූරුවෙන් ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ද මෙහිදී සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top