ජොන්ස්ටන් සහ දෙරණ නාලිකාවෙන් අනුර දිසානායක මිලියන 500 බැගින් වන්දි ඉල්ලයි

තමන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරිම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සහ එම අපහාසාත්මක ප්‍රකාශය විකාශය කළ දෙරණ රූපවාහිනී නාලිකාවෙන් රුපියල් මිලියන 500 බැගින් මිලියන 1000ක් වන්දි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) කොළඹ දිසා අධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කර තිබේ.

තම කීර්තිනාමයට අපහාස වන අන්දමින් වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා දිගින් දිගටම කටයුතු කරන බවද ජනතා විමුක්ති පෙරමුණ නායකවරයා නඩුව ගොනු කරමින් කියා සිටී.

නීතිඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top