පුන්කුඩුතිව් ප්‍රදේශයේ දී නාවික හමුදා රථයක ගැටී පාසල් සිසුවියෙකු ජීවිතක්‍ෂයට

යාපනය, පුන්කුඩුතිව් ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ආරක්‍ෂක රථයක ගැටී පාසල් සිසුවියෙකු සිද්ධිය ස්ථානයේදීම මියගොස් තිබේ. පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචි තිරුලන්කන් කේෂනා (වයස 9) නැමැති පාසල් සිසුවිය මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

පුන්කුඩුතිව් මහා විද්‍යාලය අසල මෙම අනතුර සිඳුව තිබේ. රෝමානු කතෝලික පාසලේ ඉගෙනුම ලබන එම සිසුවිය අද දින තම මාමා සමඟ යතුරු පැදියෙන් පාසල ගොස් තිබේ. එහිදී පුන්කුඩුතිව් මහා විද්‍යාලය අස නාවික හමුදා කඳවුරුවලට ආහාර ප්‍රවාහනය කරන රථයක් සිසුවිය ගමන් කළ යතුරු පැදියේ ගැටී අනතුර සිඳුව තිබේ.

මේ අතර, ඉකුත් නාවික හමුදා රථය ප්‍රදේශයේ මාර්ගවල අධික වේගයෙන් ගමන් කරන බැවින් රිය අනතුරු සිඳුවිය හැකි බවත්, රථය ආරාක්‍ෂාකාරි ලෙස ධාවනය කරන ලෙසත් ‘ගෝදම්බර‘ නාවික හමුදා කඳවුරු නිලධාරින්ට තමන් දැනුවත් කර තිබූ නමුත් ඔවුන් එය ගැන සැලකිලිමත් නොවූ බව ප්‍රදේශවාසීන් පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top