පළාත් පාලන මැතිවරණ ආරක්‍ෂාවට ත්‍රිවිධ හමුදාව

පෙබරවාරි මස 10 වන දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යොදවන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සමඟ පැවති ඊයේ(24) සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

ඡන්ද මධ්‍යස්ථානයක සිට මීටර් 400 ක් දුරින් ත්‍රිවිධ හමුදාව යෙදවීමට තීරණය වී ඇත.

මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ අපේක්‍ෂකයින් විසින් ප්‍රචාරණ කටයුතු සදහාශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් සිටින බවත් එවැනි ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින්නැයි සියලු දේශපාලන පක්‍ෂ වලින් ඉල්ලා සිටින බවත්ය. මේ සම්බන්ධයෙන් පැමිණිලි ද ලැබී ඇත.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ මැතිවරණය පැවැත්වෙන කාලය තුළ කිසිදු පෙළපාලියක් පැවැත්වීම නීති විරෝධී වන අතර පෙළපාළියක් හෝ පෙරහැරක් සඳහා වාහන ලබා දීම ද නීති විරෝධි බවයි.

එවැනි පෙළපාලි විසුරුවා හැරීම සඳහා වහාම කටයුතු කරන බවත්, ආගමික හෝ සමාජ අරමුණු සඳහා පමණක් පෙරහැර පැවැත්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top