ලෙයිමන්නාරම දක්වා වූ දුම්රිය සේවය තාවකාලිකව අත්හිටුවයි..

මැදවච්චිය හා තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය මාස දෙකක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තබේ.

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා කියා සිටියේ ලබන මස පළමුවනදා සිට එය ක්‍රියාත්මක බවය.

ඒ අනුව පෙබරවාරි 01වෙනිදා සිට මාර්තු 31වෙනිදා දක්වා මැදවච්චියේ සිට තලෙයිමන්නාරම් තොටුපොළ දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනේ.

මෙයට හේතුව වන්නේ තලෙයිමන්නාරම් තොටුපොළ සහ මැදවච්චිය අතර පාලම් කීපයක් අළුත් වැඩියාකිරීමයි.

දුම්රිය මගීන්ට යම් අපහසුතාවයක් සිදුනොවන පරිදි ලංගම සමඟ ඒකාබද්ධ සේවා පැවැත්වීමට ලංකා දුම්රිය සේවය කටයුතු සංවිධානය කර ඇත.සෑම දුම්රියක්ම පිටවන සාමාන්‍ය වේලාවට එම ස්ථානයෙන්ම ලංගම බස් රථ ධාවනය කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top