පෑලියගොඩදී මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පෑලියගොඩ, හතරේ කණුව ප්‍රදේශයේ දී සිඳු කළ වැටලීමකින් කේරල ගංජා සහ මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවෙකු සතුව තිබූ කේරල ගංජා ග්‍රෑම් 300ක් ද අත්අඩංගුවට ඇති අතර, වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී මත්පෙති තොගයක් ද සොයාගෙන තිබේ. පළමු සැකකරුගෙන් ලැබුණු තොරතුරුවලට අනුව තවත් සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top