ඝාතනයට පත්වූ සරසවි සිසුන්ගේ පවුල්වලට වන්දියක්

jaffna-university-boys සරසවි සිසුන් ඝාතනයට ලක්වූ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ පවුල්වලට වන්දි මුදල් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

පසුගියදා යාපනයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය ගොස් තිබුණි. මෙවැනි තත්වයකදී එම සිසුන්ගේ පවුල්වලට වන්දි මුදලක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්‍ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන පරික්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් එම වාර්තාව ලැබුණු වහාම අදාළ සිසුන්ගේ පවුල්වලට වන්දි මුදල් ගෙවන ලෙස ද ජනාධිපතිවරයා විසන් නීතිපතිවරයා වෙත උපදෙස් ලබාදුන් බවට ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top