පළාත් පාලන මැතිවරණයෙන් පසු මස්කෙළිය, හැටන් – දික්ඔයට උසස්වීම් – ෆයිසර් මුස්තෆා

පළාත් පාලන මැතිවරණයෙන් පසු මස්කෙළිය ප්‍රාදේශීය සභාවට සහ හැටන් – දික්ඔය නගර සභාවට උසස්වීම් ලබා දෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගත ලංකා කම්කරු කොංග්‍රසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්‍ෂකයින් වෙනුවෙන් ඊයේ (27) දින පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ඒ අනුව, මස්කෙළිය ප්‍රාදේශීය සභාව නගර සභාවක් ලෙසත්, හැටන් – දික්ඔය නගර සභාව මහනගර සභාවක් ලෙසත් උසස් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top