තේ සහ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය වහාම නැවත්වීමට පියවර ගන්නවා – ජනපති

අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, ඊයේ (28) බදුල්ල නගරයේ පැවති ජනහමුවක් අමතමිනි.

තේ ප‍්‍රතිඅපනයනය හේතුවෙන් මෙරට තේ පිළිබඳව ජාත්‍යන්තරයේ පවත්නා කීර්තිනාමයට සිදුව ඇති හානිය සහ කර්මාන්තයේ සිදුව ඇති බිඳවැටීම හේතුවෙන් තේ ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

එමෙන්ම ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය හේතුවෙන් ගම්මිරිස් මිල පහත වැටි තිබෙන අතර දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය ද ඉදිරියේදී නැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා
පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top