මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ රත්‍රං තොගයක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යාමට සූදානම්කර තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 12ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව උතුරු මැද නාවික විධායනට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් තලෙයිමන්නාරම, ඌරුමලෙයි මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම රත්‍රං තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑම් 100 බැගින් වූ රත්‍රං කැබලි 120ක් ලෙස ඒවා අසුරා තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බව වාර්තාවේ. රත්‍රං ප්‍රවාහනය සඳහා යොදා ගත් යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙන අතර, වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය රේගු නිලධාරි කාර්‍යාලයට භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top