අද සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක්

වසර 152කින් උදාවන නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් එකවර දැක ගැනීමේ විරළ අවස්ථාවක් අද ශ්‍රී ලාංකිකයින්ට හිමි වේ.

එක ම මාසයක දෙවරක් පූර්ණ චන්ද්‍රයා දිස්වීම නීල චන්ද්‍රයා ලෙසින් හඳුන්වේ. පසුගිය ජනවාරි පළමු වන දා ආකාරයට ම අද දිනයේත් පූර්ණ චන්ද්‍රයා දිස්වන අතර, වෙනත් පොහෝ දිනවලට වඩා මෙම පොහෝ දිනයේදී චන්ද්‍රයා 14% ගුණයකින් විශාලව පෙනෙන අතර 30% කින් පමණ දීප්තිය වැඩි වන බව ද පැවැසේ.

මේ අතර වසරේ පළමු චන්ද්‍ර ග‍්‍රහණය ද හෙට දිනයේ සිදුවන අතර එය මෙරට වේලාවෙන් පස්වරු 4.21ට පමණ ආරම්භ වේ. සුපිරි සඳක් ඇති වන අවස්ථාවේ චන්ද්‍රයා වෙනදාට වඩා කිලෝමීටර 50,000ක් පමණ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top