70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් රුපියල් දහසේ නව මුදල් නෝට්ටුවක්..

පෙබරවාරි මස 04 වනදාට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සිව්වන සමරු මුදල් නෝට්ටුව මෙය වන අතර එම මුදල් නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ඊයේ නිල වශයෙන් පිළිගැන්වූ බව සඳහන්ය.

සමරු මුදල් නෝට්ටුවේ දිනය 2018.02.04 ලෙස සටහන් කර ඇති අතර එම නෝට්ටු මිලියන 05ක් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top