මාලදිවයින් හිටපු ජනාධිපති නිදහස් කරන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

රට තුළ සිටින සියලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු බොහෝ දෙනෙකුගේ දඬුවම් ඉවත් කෙරෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් වසර 13ක සිර දඬුවමක් නසීර්ට නියම කෙරුණේ 2015 වසරේදීය.

ඔහු රටින් පලාගොස් දේශපාලන රැකවරණ පතා එක්සත් රාජධානියේ රැදී සිටි.

එහි සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන්කර ඇත්තේ තමා හැකි ඉක්මනින් මාලදිවයිනට පැමිණීමට බලාපොරොත්තුවන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top