බැඳුම්කර වංචාවට අදාළ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින මහ බැංකුවේ හිටපු අධිපති දැනට විදෙශ ගතව සිටින සංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍ර මහතාට ලබන 15ට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන බැදුම් කර වංචාවට අදාළ සිද්ධියේ සැකකරුවන් ලෙසද නම්කරණු ලැබ ඇත.
මෙම පුද්ගලයන්ගෙන් සිද්ධියට අදාළව කට උත්තර ලබාගත යුතුබවට අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය නිකුත් කර තිබේ.