මහින්ද දෙමළ පුවත් ආයතන දෙකක් මිලට අරගෙන… – සුමන්දිරන්

හිටපු ජනාධිපති, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා දෙමළ පුවත්පත් ආයතන දෙකක් මිලට ගෙන ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසයි.

යාපනය කරවෙටි ප්‍රදේශයේ ඊයේ (4) දින පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් සුමන්දිරන් මහතා මේ බව පවසා තිබේ.

“දෙමළ පුවත්පත් ආයතන දෙකක් මහින්ද මිලට ගෙන තිබෙනවා. එම තොරතුරු අද පෙරවරුවේ (ඊයේ) තමයි මට ලැබුණෙ. තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යාපනයට පැමිණි අවස්ථාවේ කළු කොඩි පෙන්වා විරෝධය පළ කළ අය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යාපනයට පැමිණි අවස්ථාවේ කොහෙද ගියේ“ යැයි සුමන්දිරන් මහතා වැඩිදුරටත් ප්‍රශ්ණ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top