මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු නවතා දමා තිබේ. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් සමාගමක්වීම විශේෂත්වයකි.
වැලිසර පිහිටි එම මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු මේ ලෙස නවත්වා ඇති අතර, තාවකාලික පදනමින් එහි සේවයට බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියාද මේ හේතුවෙන් අහිමි වී ඇති බව වාර්තා වෙයි.