ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ වෙයි..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා මධ්‍යස්ථාන භාර ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපතිවරුන් මගින් ඡන්ද මධ්‍යස්ථාන වෙත යැවීම අද (9) පෙරවරුවේ ආරම්භ කර තිබේ.

පළාත් පාලන ආයතන 340ක ඡන්ද විමසීම හෙට පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා සිදු කිරීමට නියමිත අතර, තැපැල් පත්‍රිකා අඩංගු කවර ද අද ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් හරහා ඒ ඒ පළාත් පාලන ආයතන කොට්ඨාසවල නියමිත ඡන්ද කොට්ඨාසය වෙත යොමු කරනු ලැබේ.

ඡන්ද රාජකාරි සඳහා එක්ලක්ෂ හැත්තෑ තුන්දහස තුන්සිය අසූතුන් දෙනෙකු යොදවා තිබෙනවා. පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 13,374 ක්. අධීක්ෂණ කලාප ගණන 3,094යි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 6,823ක් පිහිටුවා ඇති අතර තැපැල් ඡන්ද ගනන් කිරීම මධ්‍යස්ථාන 3,852කදී සිදුකෙරෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top