කථානායකගේ දියණියක් දිවියෙන් සමුගනියි

karu-daughterකථානායක කරූ ජයසූරිය මහතාගේ දියණිය සංජීවනී ඉන්දිරා ජයසූරිය ලන්ඩන් නුවරදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හා විවාහවී එහි පදිංචිව සිටි ඇය වයස අවුරුදු 40ක දෙදරු මවක බව සඳහන්ය.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් උසස් බාලිකා විද්‍යාලයේදී ද අධ්‍යාපනය ලබා තිබේ. ඇය ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියක්ද ලබා තිබීම විශේෂත්වයකි.

දිගු කළක් පිළිකා රෝගයෙන් පීඩා විඳි බවත් ඇයගේ අවසන් කටයුතු ලන්ඩනයේදී සිදු කිරීමට නියමිත බව ද පවුලේ ආරංචි මාර්ග පවසයි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top