කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 17වනදා ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (17) දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව ලබන 17 වන සෙනසුරාදා උදෑසන 09.00 සිට පසුදා උදෑසන 09.00 තෙක් කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. කොළඹ 12 සහ 13 යන ප්‍රදේශවලට ද මෙම කාලය තුළ අඩු පීඩනයකින් ජලය සැපයීම සිදුකෙරෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top