ලසන්ත ඝාතනය සිද්ධියට සම්බන්‍ධ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීමේ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය ‍පොලිස්පති (බස්නාහිර පළාත් දකුණ) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා පසුගිය (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඊයේ (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top