ලංකා කම්කරු කොංග්‍රසයේ මුත්තු සිවලිංගම්ට නියෝජ්‍ය ඇමැති ධූරයක්

ලංකා කම්කරු කොංග්‍රසයේ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (15දා) මෙම පත්කිරීම සිදුකර ඇති ඔහු අද දිනයේදී ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු පක්‍ෂයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (14) දින ජනාධිපති ලේකම් කාර්‍යලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබුණි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව තොණ්ඩමාන් මහතා ප්‍රකාශ කළේ තම පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව බලය පිහිටුවන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top