සීමා නිර්ණ කමිටු වාර්තාව විෂය භාර ඇමැතිට

පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුත් සීමා නීර්ණ කමිටු වාර්තාව අද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ.

අදාළ වාර්තාව අමාත්‍යවරයා විසින් සති දෙකක කාලයක් තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ අදාළ වාර්තාව මුද්‍රණයට පෙර සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා අදහස් ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නම් මෙහි සංශෝධන අවම කර ගැනීමට හැකියාව තිබූ බවයි.

සීමා නිර්ණය කමිටුව මාස 04 ක් වැනි සුළු කාලයකදී සිදුකළ කාර්ය ඉතා අගය කළ අමාත්‍යවරයා ඉදිරි සති දෙක තුලදී මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top