නව ආර්ථික වැඩපිළිවෙළ ලබන සතියේදී…

රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ.

ජාතික ආර්ථික සභාව ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි.

ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම කි‍්‍රයාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක්විය.

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගිය වසරේදී ජාතික ආර්ථික සභාව පත්කරන ලද අතර එය මෙවර රැස්වූයේ 08 වන වරටය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, මංගල සමරවීර, ජොන් සෙනෙවිරත්න, සජිත් පේ‍්‍රමදාස, රවුෆ් හකීම්, මලික් සමරවික‍්‍රම, ෆයිසර් මුස්තාෆා, නවීන් දිසානායක යන මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් පී. සමරකෝන්, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඞී.එන්. රුවන්චන්ද්‍ර, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.

නව ආර්ථික වැඩපිළිවෙළ ලබන සතියේදී

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top