නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගෲප් කපිතන් සීන් අන්වින් යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී තිබේ.

එහිදි, නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක හා යුද්ධ හමුදාධිපතිතුමා අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර සම්බන්ධතා පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර, මෙම සුහද හමුව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් හා නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top