දකුණු අප්‍රිකා – ඉන්දීය අතර පැවැති දෙවන 20-20 තරඟයේ ජය දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී පැවති දෙවන 20-20 තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 188ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ක්‍රීඩකයෝ පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාණය අත්පත් කර ගත්තේය. දෙරට අතර තුන්වන පන්දුවාර 20-20 තරගය ලබන 24 වනදාට පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top