අත්බෝම්බ දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ජීව අත් බෝම්බ 02ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු තිස්සමහාරාම, දෙබරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කාවන්තිස්සපුර විශේෂ කාර්ය බලකා නිළධාරීන්ට ලද තොරතුරකට අනුව වාහන නවතා පරීක්ෂා කිරීමේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැක කරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයාගත් බව පොලීසිය පවසයි.

බෙරලිහෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වූ සැකකරු අද දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top