උදයංග වීරතුංගට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක්

2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමික්තාවය සම්බන්දයෙන් රුපියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඊට පෙර ජාත්‍යන්තර පොලිසිය ඒ සදහා නිකුත් කර තිබුණේ නිල් නිවේදනයකි.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මිග් යානා ගනුදෙනුවට මැදිහත්ව ක්‍රියාකර ඇතැයි, විමර්ශනවලින් හෙළි වන බව පොලිස් මූලස්ථානය පවසයි.

එම නිසා ඔහු ශ්‍රී ලංකාවේ නීතියට අවනතව ක්‍රියා කළ යුතු බව, අවධාරණය කරමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top