ශ්‍රී ලංකාවේ ජගත් සංවිධාන නේවාසික නියෝජිතවරිය ලෙස කටයුතු කළ උනා මැකෝලි මියයයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලි මහත්මිය ඊයේ (23) රාත්‍රීයේ අභාවප්‍රාප්ත වී තිබේ.

පසුගිය කාලයේදී අසනීප තත්ත්වය නිසා රාජකාරී කටයුතුවලින් බැහැරව සිටි උනා මැකෝලි මහත්මිය මිය යන විට 54 වැනි වියේ පසුවූවාය. වසර 6 ක් ශ්‍රී ලංකාවේ සේවය කළ ඇය, ජගත් සංවිධානයේ මෙරට ප්‍රථම නේවාසික නියෝජිතවරිය වේ.

අයර්ලන්ත සහ එක්සත් රාජධානියේ ජාතිකයකු වන උනා මැකෝලි මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධාන පද්ධතිය තුළ වසර 17ක් සේවය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top