කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වන අද (25) දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු විදේශ ගතවීමට පියවර ගෙන තිබේ. නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ඊයේ (24) රාත‍්‍රියේ ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.
මේ අතර, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (25) උදෑසන කටාර් බලා පිටත්ව ගොස් තිබේ. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය සරත් අමුණුගම, රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර යන පිරිස ද අද දින රටින් පිටත්ව යෑමට නියමිත බව වාර්තාවේ.