කොට්ටාවේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක්

කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය මඟින් නිලධාරීන් පිටත් කර තිබේ.

මෝටර් රථ අමතර කොටස් අලෙවිසලක් ඇතුළු ගොඩනැගිලි 3 ක් ගින්නෙන් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර, ගින්නට හේතුව සහ සිදුවූ දේපල හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත. කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top