පොල්ගහවෙල ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

පොල්ගහවෙල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොල්ගහවෙල පොලිස් වසමේ බටේකුඹුර ප්‍රදේශයේ දී නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා පොල්ගහවෙල රෝහලට ඇතුල් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරය මේ වන විට පොල්ගහවෙල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top