ජනපති සහ අගමැතිට යළි සිතාසී නිකුත් කරයි..

තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් වන ජනාධිපතිවරයා හා අගමැතිවරයා රාජකාරිමය හේතුවක් මත අද(26) දින අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් නැවතත් සිතාසි නිකුත් කිරීමට මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අදදින කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුවාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාවය කඩා කප්පල් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස අධිකරණයේ පෙනී සිටින ලෙස අද (26) දින නියෝග කර තිබුනද, ජනාධිපතිවරයා හා අගමැතිවරයා රාජකාරිමය හේතුවක් මත පෙනී නොසිටීම හේතුවෙන් නැවතත් ජූලි මස 24 වනදා කොළඹ කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top