මෙම වසර අවසන් වනවිට දිවයින පුරා රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000 ක්

රෝගී තදබදය අවම කිරීම සදහා මෙම වසර අවසන් වනවිට රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000 ක් දිවයින පුරා ස්ථාපිත කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට එමගින් විශාල සහනයක් ලැබෙන බවත් ඉන්දීය රජයේ ආයෝජනයක් මත තවත් රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 900 ක් දිවයින පුරා අදියර 03 ක් යටතේ ස්ථාපිත කරන බවත් පසුගියද කළුතර මහ රෝහලේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top