වත්තල සහ කටාන ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

වත්තල සහ කටාන ප්‍රදේශවල සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

වත්තල ඇලකන්ද ප්‍රදේශයේ දී පාපැදියක් ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් පාපැදියේ ගමන් කළ 26 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලැබූ තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් ට්‍රැක්ටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වත්තල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිඳුකරයි.

මේ අතර, කටාන දෙල්ගස්හන්දිය ප්‍රදේශයේ දී පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top