උතුරු පළාත් සභා මන්ත්‍රී රවිකරන් ඇප මත නිදහස්

මුල්ලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් උතුරු පළාත් සභා මන්ත්‍රී තුරයිරාසා රවිකරන් මහතා නිදහස් කර තිබේ. අත්අඩංගුවට පත්වූ ඔහුව මුල්ලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බව වාර්තාවේ.

උතුරු පළාත් සභා මන්ත්‍රී රවිකරන් අත්අඩංගුවට
February 28, 2018

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී තුරයිරාසා රවිහරන් මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (28) උදැසන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පසුගිය 22 වැනි දා මුලතිව්, වට්ටුවාකල් ප්‍රදේශයේ දී පැවැත් වූ විරෝධතාවයක් සම්බන්‍ධයෙන්, උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිකරන් සහ එම්.කේ. සිවාජිලිංගම් යන අයව මුල්ලතිව් පොලීසියට ප්‍රශ්ණ කිරීමක් සඳහා කැඳවා තිබුණි.

මෙවැනි තත්වයකදී, අද (28) දින රවිකරන් මුල්ලතිව් පොලිස් ස්ථානයට පැමිණ සිටි අතර, පොලීසිය විසින් ඔහුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද (28) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top